Wednesday, March 14, 2012

සඳේ...........................!



හිස් අහස වසාගෙන
තරු රැසක් දිදුල මුත් 
එකම එක සඳ මඬල
සිත් අහස පුරාවට.....


ඊයෙ අද මෙන් හෙටද
බිඳළුවේ දිවි අඳුර 
එකම එක සඳක් මිස
තරු වලින් නොවේමය.....


අව අටවකින් පසුව
අමාවක ලබන මුදු
පුර සඳේ රුව ගුණය 
සදා ඇත සිත කොනක.....


පුර පසින් වැඩි වැඩී
සුපුන් සඳ නැගෙන තුරු
සිත පුරා රැඳි සුවඳ
දිරි කරන් මග බලමි.....

3 comments:

  1. ලස්සන කවි ටිකක්

    ReplyDelete
  2. අනේ ඇයිබං මෙච්චර ලස්සනට ලියන එව්වට කමෙන්ට්ස් වැටෙන්නෙ නැත්තෙ??
    කියවන්න එවුන් එන්නෙ නැද්ද, නැත්නම්, මේකෙ තියෙන ටෙක්නිකල් කෑලි දැකලා, කවි කියවන්නෙම නැතුව ගිහින්ද??

    ටෙක් කෑලි ලියන අපිටමයි මෙහෙම දේවල් වෙන්නේ බං.

    ReplyDelete