මේකට විසඳුම තමයි wifi access-point එකක් හදාගන්න එක. මෙතෙන්දි අපේ ඇත්ත wifi ඇඩැප්ටර් එක මත පදනම් වෙලා වර්චුවල් wifi ඇඩැප්ටර් එකක් හදාගන්නව. කරගන්න විදිය පියවර වශයෙන් කියන්නම්.
- මුලින්ම ඩොස් ප්‍රොම්ප්ට් එක ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට රන් කරගන්න ඕන. ඒක කරන්නෙ Start මෙනු එකේ All Programs වල Accessories වල තියන Command Prompt මත රයිට් ක්ලික් කරල එක මෙනු එකේ Run as Administrator තෝරන එකයි.
- ඊටපස්සෙ මේ කමාන්ඩ් එක රන් කරන්න
netsh wlan set hostednetwork mode=allow ssid=MyConnection key=connectme
මේ කමාන්ඩ් එකෙන් MyConnection නමින් wifi access-point එකක් හදනව. පාස් කී එක connectme. ඒ දෙකට ඔයාට කැමති එකක් දාගන්න පුළුවන්.
- ඊලඟට ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක
access-point එකත් එක්ක ෂෙයාර් කරන්න ඕන. ඒක කරන්නෙ මෙහෙමයි. මුලින්ම Network and Sharing Center එකට යන්න.
ඒකෙන් ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තෝරගන්න. (මගේ එක Mobile Broadband Connection 2 (Airtel))
Properties බොත්තම ක්ලික් කරන්න. Sharing ටැබ් එකේ "Allow other network users to connect through this computer's Internet connection" චෙක් බොක්ස් එක චෙක් කරල "Home networking connection" ලිස්ට් එකෙන් අපි හදපු access-point එක තෝරගන්න.
- දැන් access-point එක ක්‍රියාත්මක කරන්නයි තියෙන්නෙ. මේ කමාන්ඩ් එක රන් කරන්න.
netsh wlan start hostednetworkaccess-point එක නවත්වන්න ඕන නම් මේ කමාන්ඩ් එක රන් කරන්න.
netsh wlan stop hostednetworkකරල බලන්නකො වැඩේ සාර්ථකද කියල. මේකට video tutorial එකකුත් හැදුව. පහලින් ඒක බලන්නකො. ඒක ලේසි වෙයි.
මේක වැඩ. නියමයි.
ReplyDeleteela ela niyama wede!!!!!!!!
ReplyDeleteConnectify තමයි මම පාවිච්චි කරන්නේ ..ඒකත් ලේසියි....
ReplyDeleteමචන් මම මේ දන්නේ නැති නිසා අහන්නේ.........මම adsl යුස් කරන්නේ.....මගේ ලැපේ වයි ෆයි හෑව්....මගේ ලැපෙන් වෙන වයි ෆයි තියන pc,phone වලට දෙන්න බැරිද බන්?.....එහෙම කරනවානම් ඔය ක්‍රමේද යුස් කරන්න ඕනේ
ReplyDelete